spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය වෘත්තීය සමිති අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට (02) දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

දීමනා ඉහළ නැංවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙර අවස්ථා කිහිපයක දී දිවයින පුරා වැඩවර්ජන ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

එහි තවත් පියවරක් ලෙසයි රත්නපුර, මහනුවර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?