සෞඛ්‍ය වෘත්තීය සමිති අදත් වැඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ (13) පෙරවරුවේ ආරම්භ කළා.

සෞඛය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියාසිටියේ, තම ඉල්ලීම්වලට අදාළව මුදල් අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

පිළිකා රෝහල්, ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මාතෘ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවෙයි.