සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව නවතී – ජනපති දිවයිනට එනතෙක් කල් ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එකාබද්ධව ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) පෙරවරු 8.00ට තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ ඊයේ (17) දහවල් සෞඛ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක බවයි.

කෙසේ වෙතත් මෙහිදී සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය යෝජනාව රජය විසින් පිළිගත් බව සඳහන් කළ ඔහු, ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා යළි මව්බිමට පැමිණෙන තුරු සෞඛ්‍ය බලධාරීන් කල් ඉල්ලා ඇති බව ද සඳහන් කර සිටියා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබුන හොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා එළඹෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හෙට (18) දිනයේ දී සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් කැඳවීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ඊයේ (16) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාල වුණා.

මේ හේතුවෙන් ප්‍රථිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමටයි සිදුවුණේ.

මේ අතර රෝහල්වල ඇතැම් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කිරීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52