සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව නවතී – ජනපති දිවයිනට එනතෙක් කල් ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එකාබද්ධව ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) පෙරවරු 8.00ට තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ ඊයේ (17) දහවල් සෞඛ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක බවයි.

කෙසේ වෙතත් මෙහිදී සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය යෝජනාව රජය විසින් පිළිගත් බව සඳහන් කළ ඔහු, ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා යළි මව්බිමට පැමිණෙන තුරු සෞඛ්‍ය බලධාරීන් කල් ඉල්ලා ඇති බව ද සඳහන් කර සිටියා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබුන හොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා එළඹෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හෙට (18) දිනයේ දී සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් කැඳවීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ඊයේ (16) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාල වුණා.

මේ හේතුවෙන් ප්‍රථිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමටයි සිදුවුණේ.

මේ අතර රෝහල්වල ඇතැම් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කිරීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19