සෞඛ්‍ය වර්ජනය අදත් – ඉදිරි තීරණ ගැන සාකච්ඡාවකට වෘත්තීය සමිති නායකයින් රැස්වෙයි (වීඩියෝ)

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ඊයේ (01) උදෑසන ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මක වනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා.

ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල දෛනික කටයුතු අඩාල වූ අතර, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා.

කෙසේ වෙතත් රෝහල්වල කටයුතු අඩාලවීමට නොදී පවත්වාගෙන යාම වෙනුවෙන් හමුදා භටපිරිස් රෝහල් වෙත යෙදවීමට ද කටයුතු කර තිබුණා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ තම ඉල්ලීම පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කළ ද ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මේ අතර අද (02) දිනයේ රැස්වෙන වෘත්තීය සමිති නායකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16