සෞඛ්‍ය සේවය නංවන්න රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා

ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මඟින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9 ක අගයකින් යුතු විදේශ ප්‍රදානයක් සහ ප්‍රතිඵල පාදක ණය ක්‍රමය යටතේ ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වන ලැබුවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ලබාගනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අගයකින් යුතු ඉහත ණය මුදල මඟින් විශ්වීය සෞඛ්‍ය ආවරණය සහතික කිරීම පිණිස, පළමු යොමු කිරීමේ සත්කාරය ලෙස ද්විතියික සෞඛ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වන සෞඛ්‍ය සේවා සංවර්ධනයේ ජාතික උපාය මාර්ගික රාමුවට සහාය වනවා.

තවද, මෙම වැඩසටහන යටතේ සත්කාරක සේවා වැඩිදියුණු කිරීම, වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අංශයේ තාක්ෂණික ධාරිතාවය සහ ඖෂධ සැපයුම්දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වන ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද‚ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ‚ ටකාෆුමි කඩෝනො ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ද‚ කොළඹ මහා භාණ්ඩාගාරයේ දී අද (17) දින අත්සන් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55