සෞඛ්‍ය ඇමතිගෙන් ඖෂධ නියාමන අධිකාරියට උපදෙසක්

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඒ ඒ ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ යටතේ ඇතැම් ඖෂධ සඳහා පවතින ඖෂධ සැපයීමේ ඒකාධිකාරීත්වය වෙනුවට තරගකාරීත්වයක් ඇති වෙමින් ඒ තුළ ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුලු ආයතනවල නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේබව කිායාසිටියේ.

ඇතැම් ඖෂධ සඳහා එක් සැපයුම්කරුවෙක් පමණක් සිටීම බරපතල ගැටලු ගණනාවක් පැන නගින බවත් එය සුදුසුකම් ලත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු වෙත ලබාදීමෙන් එම ගැටලු වළක්වා ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් නිසි සුදුසුකම් සපුරාලන සැපයුම්කරුවන් සඳහා ලියාපදිංචිය ලබාදීමේදී අවශ්‍ය නීතිරීති හා ක්‍රමවේද අනුගමනය කරමින් ඒ සඳහා වන ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසටයි ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදුන්නේ.

එමෙන්ම ජීවිතාරක්ෂක හා අත්‍යවශ්‍ය ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශය සතුව වසරකට ප්‍රමාණවත් වන පරිදි පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එවැනි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හරහා ඉදිරියේදී කුමන ව්‍යසනකාරී තත්ත්වයක් පැවතිය ද ඖෂධ හිඟයක් ඇති නොවන ආකාරයට කටයුතු කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ සඳහා ඒ ඒ ආයතන අතර මනා සම්බන්ධතාව වැදගත් වන බව ද ප්‍රකාශ කෙරුණා.

පිළිකා වකුගඩු ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ වඩාත් අවධානය යොමු කරමින් ඒවා කිසිදු හිඟතාවකින් තොරව රට තුළ පවත්වාගෙන යාම සඳහා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.

මේ සම්බ්නධයෙන් නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22