සෝමාවතිය වඳින්න ගිය හිමිනමකට වන අලි ප්‍රහාරයක් (වීඩියෝ)

සෝමාවතිය විහාරය වැඳපුදා ගැනිමට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටි හිමිනමක් වන අලි ප්‍රහාරයට ලක්ව අද (05) අලුයම අපවත් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (05) අලුයම 04.45ට පමණ සෝමාවතිය, සුංගාවිල මාර්ගයේ සුංගාවිල වනජීවී කාර්යාලය අසල දී මෙම හිමිනම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

වනවාසී ගිරිතලේ ශ්‍රී මෛත්‍රී නමැති වයස අවුරුදු 40ක ස්වාමීන් වහන්සේ නමක් අලි ප්‍රහාරයට ලක්ව මෙලෙස අපවත් වී ඇති බව සඳහන්.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු මෙම පහරවීම සිදුකර ඇති අතර, පුලස්තිපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

https://youtu.be/7wjU1NGGwwo


අපගේ නවතම වීඩියෝ පුවත්