සොරාගෙන ගිය බෙන්තොට රෝහලේ ECG යන්ත්‍රය ආපසු ගේට්ටුව ළඟට ඇවිත්

බෙන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තිබී පසුගිය 18 වනදා සොරාගෙන ගොස් තිබූ ECG යන්ත්‍රය රෝහලට ඇතුළුවන දොරටුව අසල ගෙනවිත් දමා තිබිය දී ඊයේ (22) සොයාගෙන තිබෙනවා.

පොලිස්තින් දවටනයක ඔතා පාර්සලයක් ලෙස සකසා මෙම ECG යන්ත්‍රය යළි ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව රෝහලෙන් අතුරුදහන් වී තිබූ ශරීරගත ඔක්සිජන් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ද එම පාර්සලය තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මේ අතර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ඇඟිලි සලකුණුු අංශයේ නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයින්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ ද සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉකුත් 18 දින රාත්‍රියේ කිසිවෙක් විසින් රෝහලේ ECG යන්ත්‍රය සොරාගෙන ගොස් ඇති බවටරෝහලේ හදිසි ප්‍රතිකාර අංශය භාර හෙද නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව පොලිස් විමර්ශන ආරම්භකර තිබියදීයි මෙලෙස යළිත් ECG යන්ත්‍රය රෝහල අසළට ගෙනවිත් දමා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51