සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට

සොරකම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එක් සැකකරුවෙකු චන්ද්‍රිකා වැව ප්‍රදේශයේදී පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 33යි මිලිග්‍රෑම් 300ක් ද සමගින්.

ඔහු සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ වලස්මුල්ල සහ දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු 5ක් සඳහා එම සැකකරුට වරෙන්තු නිකුත් කර ඇති බවයි.

එමෙන්ම සොරකම් සහ කොල්ලකෑම් රැසකට අවශ්‍ය පුද්ගලයෙක් බවට ද අනාවරණ වී තිබෙනවා.

ඔහුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව කුට්ටිගල ප්‍රදේශයේදී මෙම පුද්ගලයා සමග රන් මාලයක් කොල්ලකෑමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පෙරේදා පස්වරුවේ කුට්ටිගල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 30 සහ 46 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් ඇඹිලිපිටිය, උඩවලව, කුට්ටිගල, ඌරුබොක්ක පොලිස් වසම්වල සිදු කර ඇති කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලිසිය කරුණු හෙළිකරගෙන තිබෙනවා.

එමෙන්ම සොරකම් කරන ලද සහ කොල්ලකන ලද රන් මාල 4ක්, පෙන්ඩනයක්, යතුරුපැදියක් සහ මුදල් රුපියල් 1,179,000ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරුවන් දෙදෙනා අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරුණේ ලබන ජුලි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඇඹිලිපිටිය පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04