සොරකම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපළ සොරා ගැනීම් රැසකට සම්බන්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

පොලිස් අත් අඩංගුවට පත් වූවන් අතර ”රෙඩ් බානවත්තේ පුතා සහ මරදානේ ඉම්රාන්” යනුවෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනා ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක 06ක්, ඒවායේ කොටස්, ටැබ් යන්ත්‍ර හා මිල අධික පාපැදියක් ද සොරකම් කර තිබෙනවා.

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී මෙම සැකකරුවන් පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුරකුටියේ තිබී පරිගණක ඇතුළු දේපළ සොරකම් කිරීම,කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළඳසැලක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ 350,000කට අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල දමා තිබූ මුදල් පසුම්බිවල හරපත් සොරා ගැනීම ආදී වංචනික ක්‍රියා රැසක් සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26-28 පසුවන මරදාන සහ බ්ලූ මැන්ඩල් හි පදිංචිකරුවන්.

සැකකාර අඹුසැමි යුවළ සහ සෙසු සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට යොමු වූවන් බව ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38