සොරකම් කළ යතුරුපැදියක් අලෙවි කර මත්ද්‍රව්‍ය ලබාගත් සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන එය හෙරොයින් පැකට් හතරකට අලෙවි කිරීමට සම්බන්ධ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් පැකට් ලබාදී යතුරුපැදිය ලබාගත් සැකකරු ද මේ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දිවුලපිටිය, බටේපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

යතුරුපැදිය ලබා ගත් සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5800ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

කටාන, තැඹිලි වත්ත ප්‍රදේශයෙන් යතුරු පැදියක් සොරා ගත් ප්‍රධාන සැකකරු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින සහ හෙරොයින් අලෙවි කරන සැකකරුට එම යතුරුපැදිය ලබාදී හෙරොයින් පැකට් 4 ක් ලබාගෙන ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

යතුරුපැදිය ලබා ගත් සැකකරු හෙරොයින් අලෙවිය සඳහා පල්ලෙවෙල ප්‍රදේශයට ගිය අවස්ථාවක අනතුරකට ලක් වී ඇති අතර ඔහු යතුරුපැදිය අතහැර දමා පළා ගොස් ඇති බව සඳහන්.

දිවුලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයෙන් පසු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කටාන පොලිස් වසමින් සොරා ගත් යතුරු පැදිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

කටාන පොලිසියේ නිලධාරීන් ද අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම සැකකරු ලබන 8 වෙනිදාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

එම ඉල්ලීම මත සැකකරු ලබන 08 වනදා මීගමුව අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අද වැඩිදුරටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03