spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සොරකම් කර හසුවුනොත් ගහන්න අයිතියක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සුපිරි වෙළෙඳසැල් තුළ හෝ වෙනත් වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් හසුකර ගන්නා පුද්ගලයින්ට කිසිවිටෙක පහරදීමක් සිදු නොකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එලෙස අල්ලා ගන්නා පුද්ගලයන්ට පහරදීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත්කර පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙසයි.

මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහරදීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල්වල කළමණාකරුවන් මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.

පසුගිය දා බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළ දී කාන්තාවක සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?