සොරකමක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 සහ 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකුය.

ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවය.

අදාළ යන්ත්‍රය මිලදී ගත් සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.