‘සොබධනවි’ නිරීක්ෂණයට බලශක්ති ඇමති යයි

අලුතින් ඉදිවෙන ‘සොබධනවි’ විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (29) පස්වරුවේ එක්වුණා.

එළඹෙන වසරේ සිට මෙම බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර එම ප්‍රමාණය මෙගා වොට් 350ක්.

එමෙන්ම මෙගා වොට් 300 ධාරිතාවකින් යුත් ‘යුගධනවි’ විදුලි බලාගාරයේ කටයුතු නිරීක්ෂණයට ද අමාත්‍යවරයා මෙහිදී එක්වුණා.