spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, සෞඛ්‍ය අංශය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්.

එහි දැක්වෙන්නේ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවයි.

Special Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?