spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවා කාලය නිම කළ ඉන්දීය මහකොමසාරිස් භාග්ලේ, අගමැති දිනේෂ් හමුවෙයි

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ සිය සේවා කාලය නිමව නැවත ඉන්දියාව බලා යාමට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (10) අරලියගහ මන්දිරයේ දී හමුවුණා.

සිය සේවා කාලය තුළ දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් දුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ස්තූති කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික බැඳීම හා රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය සදාතනික බවද සඳහන් කළා.

තමන්ගේ නික්ම යාමෙන් පසුව පත්ව එන නව ඉන්දියානු මහකොමසාරිස්වරයාට ද තමන්ට මෙන්ම සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ගෝපාල් භාග්ලේ මහකොමසාරිස්වරයා පැවසුවා.

දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීමට හා අසීරුතම අවස්ථාවන්වල දී මහකොමසාරිස්වරයා දැක්වූ සහාය ද පෙරළා අගය කළ අග්‍රාමාත්‍යවරයා ලද උපකාර හා සහයෝගය කෘතවේදීව සිහිපත් කර සිටියා.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?