සේවා කාලය නිම කළ ඉන්දීය මහකොමසාරිස් භාග්ලේ, අගමැති දිනේෂ් හමුවෙයි

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ සිය සේවා කාලය නිමව නැවත ඉන්දියාව බලා යාමට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (10) අරලියගහ මන්දිරයේ දී හමුවුණා.

සිය සේවා කාලය තුළ දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් දුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ස්තූති කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික බැඳීම හා රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය සදාතනික බවද සඳහන් කළා.

තමන්ගේ නික්ම යාමෙන් පසුව පත්ව එන නව ඉන්දියානු මහකොමසාරිස්වරයාට ද තමන්ට මෙන්ම සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ගෝපාල් භාග්ලේ මහකොමසාරිස්වරයා පැවසුවා.

දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීමට හා අසීරුතම අවස්ථාවන්වල දී මහකොමසාරිස්වරයා දැක්වූ සහාය ද පෙරළා අගය කළ අග්‍රාමාත්‍යවරයා ලද උපකාර හා සහයෝගය කෘතවේදීව සිහිපත් කර සිටියා.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51