සේවක අර්ථසාධක අරමුදල් කප්පාදුව ගැන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර එය ව්‍යවස්ථාදායකය හා සම්බන්ධ කටයුත්තක් බැවින් ඊට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මූල්‍ය විශ්ලේෂකයෙකු මෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු වන චතුරංග අබේසිංහ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව සඳහන් කළේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

මෙය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල තීරණාත්මක අවධියක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඊට අදාළ කටයුතු පාර්ලිමේන්තුව හමුවේ සිදු වෙමින් පවතින බවත් සඳහන් කළා.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුව හා බැඳුණු ක්‍රියාවක් බැවින් ඊට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බවත් එබැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මූලික විරෝධතා මතු කරමින් කියා සිටියා.

මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ , ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුවට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පොලී ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබන 11 වනදා රජය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙන හෙයින් ඊට පෙර පෙත්සම සලකා බැලීම සඳහා දින ලබාදෙන ලෙසටයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම කරුණට අදාළව තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ දේශීය ආදායම් පනතට අදාලව පාර්ලිමේන්තුවේ දී සංශෝධනයක් සිදු කිරීමෙන් අනතුරුව බැවින් ලබන 11 වනදා තීරණයක් ගැනීමට නියමිත බවට පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවයි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා මේ මස 08 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 10 වනදා කැදවන ලෙසත් නියෝග කළා.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සේවක සේවිකාවන් විසින් අයකර ගන්නා ලද රුපියල් ට්‍රිලියන 3.4ක පමණ දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල තුළ පවතින බවයි.

සේවක අර්ථසාධක අරමුදල පවතින මුදල් වලින් 90% ක් පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන මුදල් සඳහා මෙතෙක් හිමි වූ සියයට 12ක පොලිය 9% දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මේ තුළින් අදාළ අරමුදලට දායක වී සිටින සාමාජික සේවක සේවිකාවන්ට දැඩි අගතියක් සිදු වන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රජයේ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර මෙම කරුණට අදාළව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම ද එදින කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18