සේවකයින්ට පහර දී ඉන්ධන පිරවුම්හලකට අලාභ හානි කළ තුනක් පොලිස් අත්අඩංගුවේ

ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල සේවායින්ට සහ ඉන්ධන පිරවුම් හලකට පහර දී අලාභ හානි සිදුකළ පුදග්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අදාල සැකකරුවන් තිදෙනා ඊයේ (28) රාත්‍රියේ ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට ත්‍රිරෝද රථයකින් පැමිණ පෙට්‍රල් ඉල්ලා තිබෙනවා.

එහි සිටි සේවකයින් එම අවස්ථාවේ පෙට්‍රල් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසු කෝපයට පත් ඔවුන් සේවකයින්ට සහ ඉන්ධන පිරවුම්හලට ද පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ඇල්පිටිය පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17