spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවකයින්ට පහර දී ඉන්ධන පිරවුම්හලකට අලාභ හානි කළ තුනක් පොලිස් අත්අඩංගුවේ

ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල සේවායින්ට සහ ඉන්ධන පිරවුම් හලකට පහර දී අලාභ හානි සිදුකළ පුදග්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අදාල සැකකරුවන් තිදෙනා ඊයේ (28) රාත්‍රියේ ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට ත්‍රිරෝද රථයකින් පැමිණ පෙට්‍රල් ඉල්ලා තිබෙනවා.

එහි සිටි සේවකයින් එම අවස්ථාවේ පෙට්‍රල් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසු කෝපයට පත් ඔවුන් සේවකයින්ට සහ ඉන්ධන පිරවුම්හලට ද පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ඇල්පිටිය පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?