spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේපාල් අමරසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

දළඳා වහන්සේට අපහාස කළ බව කියන සිද්ධියට මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, ඔහු අද (31) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය නියෝග කළේ ඔහුව පෙබරවාරි 14 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට සූදානම් බව දන්වා සිටියා.

මේ පිළිබඳව තමා නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු අධිකරණයට සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?