spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේනක බටගොඩට වාරණ නියෝගයක්

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත හතක් ගායනය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (02) දින මෙම වාරණය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, සැනසෙන්නම්, අපි කවුරුද, අළු යට ගිනි, අපි සැනසිල්ලේ, රස්තා, හොඳම දේ සහ හීනවලට පනක් තිබෙනවා යන ගීත හත ගායනය කිරීම වළක්වාලමින් මෙම වාරණය නිකුත්කර තිබෙනවා.

ජනත් කුලතිලක විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ල ගොනුකරමින් ජනත් කුලතිලක පවසා ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය සේනක බටගොඩ විසින් නොගෙවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?