සේතපොල කලපුවේ කාන්තා මළ සිරුරක්

නොරෝච්චෝල සේතපොල කලපුවේ තිබී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ සිව්දරු මවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද දහවල් මෙලෙස සොයාගෙන ඇත්තේ සේතපොල මාන්පූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකගේ සිරුරක්.

ඝාතනය කිරීමෙන් පසු කාන්තාවගේ සිරුර පුත්තලම කලපුවට අයත් සේතපොල ධීවර තොටුපල ආසන්නයේ මඩ සහිත ස්ථානයක සඟවා තිබියදී ධීවරයින් පිරිසක් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මෙම කාන්තාවගේ හිසට තියුණු ආයුධ පහර දෙකක් එල්ල කර ඇති බවටයි මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කිසියම් අයෙකු මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇය සතු රුපියල් 20000කට ආසන්න මුදලක්, ඇඳුම් සහ රන් මාලයක්, රන් මුදුවක්, ඖෂධ කිහිපයක් සහ කුඩා ලියුම් කැබැල්ලක් බෑගයක දමා සේතපොල තොටුපල ආසන්නයේ කඩොලාන කැලැවේ සඟවා තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාවට දියණියන් තුන් දෙනෙකු සහ එක් පුත්‍රයෙකු සිටින අතර ඔවුන් සියලුදෙනා විවාහ වීමෙන් පසු වෙන් වෙන්ව වාසය කරන බවයි.

මෙම කාන්තාවගේ සැමියා කාලයකට පෙර පෙර මිය ගොස් ඇති බව ද සඳහන්.

එමෙන්ම අබිරහස් ලෙස ඝාතනය වී ඇති මෙම කාන්තාව අනියම් ඇසුරු කිපයක්ම පවත්වාගෙන ගොස් ඇති බව ද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මෙසේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වු කාන්තාව වැඩිමහල් දියණියගේ නිවසේ වාසය කර ඇති අතර ඇය සමග ඇතිවූ ආරවුලකින් පසු දෙවැනි දියණියගේ නිවසේ සිට ඇතැයි සඳහන්.

එසේ සිටියදී ඊයේ සවස සේදවත්ත දේවස්ථානයට ආගමික කටයුත්තකට යන බව පවසා ත්‍රී රෝද රථයක නැග පිටව ගිය බවයි දෙවන දියණිය ප්‍රකාශ කර ඇත්තේ.

එලෙස පිටව ගිය මෙම කාන්තාව දෙවන දියණියගේ නිවසේ සිට කිලෝමීටර් 10කට ආසන්න දුරකදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙම කාන්තාව අවසන් වරට ගිය බව කියන ත්‍රී රෝද රථයේ රියදුරු නොරෝච්චෝල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කුමන හේතුවක් මත සිදු වූවා ද යන්න හෝ කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිකධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56