සෙල්ෆියක් රුසියන් කතක් වාට්ටුවක නතර කරයි

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර – ආරුක්කු නවය පාලම අසල දී ඊයේ (05) දහවල් සෙල්ෆි
ඡායාරූපයක් ලබා ගැනීමට ගිය රුසියානු ජාතික කාන්තාවක් පය ලිස්සා ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඇය ඊයේ පස්වරු 01ට පමණ මෙම අනතුරට මුහුණා පා ඇති අතර පාදයට තුවාල සිදු ව ඇති බවයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.