සෙල්ලම් බඩු අතර සඟවා එවූ මත්ද්‍රව්‍ය කොටුවෙයි

තැපැල් මාර්ගයෙන් සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් අතර සඟවා මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ශ්්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබෙනවා.

යුරෝපා රටවල් කිහිපයක සිට මෙරටට එවා තිබූ සැක සහිත පාසල් 7ක් පරීක්ෂා කිරීමේදීයි මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ.

ඒවා රුපියල් කෝටි 16කට වැඩි වටිනාකමින් යුක්ත බව සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය අතර කුෂ් ග්‍රෑම් 4673ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත් පෙති 9586ක් (ග්‍රෑම් 4009ක්) අඩංගු වූ බව රේගුව ප්‍රකාශ කළා.

සැක කටයුතු පාර්සල් ලබා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රේගුවෙන් තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් ඒවා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරිපිට පරීක්ෂා කර තිබුණා.

ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍,ය ජර්මනිය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවලිනුයි මෙම පාර්සල් එවා ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍යවල වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 16ක් පමණ වන බව සඳහන්.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.