spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෙල්ෆි ගන්න ගිය විදෙස් තරුණියක් දුම්රියෙන් ඇදවැටෙයි

දුම්රියේ ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය රුසියානු ජාතික තරුණියක් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 10ට පමණ දෙමෝදර සිට ඇල්ල දෙසට වන්නට පිහිටා ඇති ගල් බිංගෙය අසලදී ඇය මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දෙමෝදර සිට ඇල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ සිටි ඇය අවුරුදු 25ක පමණ තරුණියක්.

තුවාල ලැබූ විදෙස් ජාතික තරුණිය ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට යොමු කිරීමට නියමිතයි.

මෙරට සංචාරයකට පැමිණ සිටින මෙම රුසියානු ජාතික තරුණිය හික්කඩුව ප්‍රදේශයේ සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ තිබෙනවා.

ඇය තම විදේශ ගමන් බලපත්‍රය නවාතැන් ගත් හෝටලයේ තබා පැමිණ ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හමුවේ තොරතුරක් ලබා ගැනිමට නොහැකි බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?