සූර් වෙවී සිටි පිරිසකට නාඳුනන අයෙකුගෙන් කඩු ප්‍රහාරයක්

යාපනය මත්පැන් අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි මත්පැන් පානය කරමින් සිටි පිරිසකට කඩුවකින් පහර දී තිබෙනවා.

මෙම පුද්ගලයා පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන අතර සැකකරු තැබෑරුමේ සිටි එක් පුද්ගලයෙකු පසුපස ද පන්නා ගොස් පහරදෙන අයුරුයි දක්නට ලැබුණේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වෙත මත්පැන් හලේ හිමිකරු පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.