සූර්යකුමාර්ගේ නායකත්වය යටතේ රුතුරාජ් ගයික්වාඩ් ඉතිහාසයට එක්වෙයි

ශ්‍රේයස් අයියර්ගේ අර්ධ ශතකය සහ අද්දැකීම් අඩු වේග පන්දු යුගලයක් වන අර්ෂ්දීප් සිං සහ මුකේෂ් කුමාර්ගේ විශිෂ්ට ඩෙත් ඕවර දස්කම් සමඟින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 06 කින් ජයගන්නට ඉන්දියාව සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඉන්දියව තරග හතරට එකක් ලෙස ඊයේ (03) රාත්‍රියේ ජය හිමිකර ගත්තා.

බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 160ක් රැස් කළා.

අනතුරුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් පමණක් දැවී රැස්කර ගත හැකිවූයේ ලුණු 154ක් පමණයි.

මෙම තරගාවලිය තුළ ඉන්දීය ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ක්‍රිකට් වාර්තා අලුත් කරමින් ඉතිහාස ගතවන්නට හැකියව ලැබුණා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියක් තුළ ප්‍රතිවාදී කණ්ඩායමට පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කළ පිතිකරුවා බවට පත් වෙමින්.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ දී රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 223ක් ලබා ගත්තේ සාමාන්‍ය 55.75ක් රඳවා ගනිමින්.

මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටි පිතිකරුවා බවට පත්ව සිටියේ නවසීලන්ත ක්‍රීඩක මාර්ටින් ගප්ටිල්, ඒ 2021 වසරේ පැවැති තරග පහක තරගාවලියක දී ලකුණු 218ක් රැස්කරමින්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති මෙම තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්යකුමාර් යාදව්ට පැවරී තිබුණේ ඉන්දීය ප්‍රබලයින් රැසක්ම මෙම තරගාවලිය වෙනුවෙන් එක්ව නොසිටීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52