පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (15) පැවැත්වුණේ ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද එක්ව සිටියා.
මෙහිදී කානිවල් සැණකෙළි සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම සම්බන්ධයෙන් මතගැටුමක් මතුව ආවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මෙම මත ගැටුමට මුල් වූ අතර, මේ හේතුවෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.













