සූක්ෂ්ම ව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රේගු භාරයට

ඩුබායි සිට මෙරටට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 20,200ක හා 21,200ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුනායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු නිලධාරීන් සමත් වුණා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ; මොවුන් ඊයේ (25) පස්වරුවේ මෙරටට පැමිණියේ FZ 549 දරන ගුවන් යානයෙන් බවයි.

මෙම සැකකරුවන් පොළොන්නරුව හා තලවතුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම සිගරට් තොගයේ මුළු වටිනාකම රු. 4,175,000ක් පමණ වන බවත් හෙළි ව තිබෙනවා.

යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙළෙඳපොළ වෙත නිදහස් වූයේ නම් රජයට අහිමි වන ආදායම රු. 3,200,000ක් පමණ වන බවයි හෙළි ව ඇත්තේ.

1999 අංක 8 දරණ දුම්කොළ බදු පනත හා 2004 අංක 9 දරණ සංශෝධිත දුම්කොළ බදු පනතට අනුව මෙරටට නිසි බලපත්‍රයක් නොමැති ව දුම්කොල අඩංගු දුම්වැටි හෝ එහි නිෂ්පාදන ගෙන ඒම තහනම් වන අතර නීතිවිරෝධී ව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥා පනත යටතේ රාජසන්තක කිරීමකට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50