සූක්ෂ්මව ගෙන ආ විදෙස් දුම්වැටි තොගය අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග එම දුම්වැටි රැගෙන ආ ගුවන් මගියා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

මොහු කොළඹ – 13, කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි, ගුවන් මගින් පාවහන් රැගෙන විත් රට පුරා අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙක් බවටයි හෙළි ව ඇත්තේ.

මෙම සැකකරු අලුයම 02.30 ට පමණ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50ක් සඟවා ගෙන තිබී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර, එළඹෙන 02 වැනි දින මෙම දුම්වැටි තොගය සමග සැකකරු ද මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56