සූකර කර්මාන්තය නගාසිටුවන්න කාර්යසාධක බලකායක්

2024 ඔක්තෝබර් මස වාර්තා වූ අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් වන අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට බස්නාහිර පළාතෙන් ආරම්භ වී මේ වන විට සියලුම පළාත්වලට ව්‍යාප්තව පවතිනවා.

මෙම රෝගය හේතුවෙන් ආසාධිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව, සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර ඌරන් 61,695ක් මරණයට පත්ව තිබෙනවා.

එමෙන්ම, මෙම රෝගය වනාන්නතර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදානය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත්තේ.

මේ වන විටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝගකාරක වෛරසය පරිසරය තුළ සංසරණය වීම සහ රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

එබැවින්, සූකර කර්මාන්තය යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ගේ (සංවර්ධන පරිපාලන) සම සභාපතිත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජනයන්ගෙන් සමන්විතව කාර්යසාධක බලකායක් පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09