spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළු පියාගේ පහර කා දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් ජීවිතක්ෂයට

මවගේ දෙවැනි විවාහයේ පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 11ක පිරිමි දරුවෙක් ඊයේ (09) දහවල් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.

පසුගිය 08 වනදා දරුවාට මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීම සිදුකළ පුද්ගලයා ද එම දිනයේම අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 26 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු ඊයේ (09) මඩකපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අද (10) දිනයේ මඩකපුව පොලිස් ස්ථානය විසින් අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?