spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළං විදුලි බලාගාරයක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයක කුලුනක කොටසක්, දොඹකරයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා තිබෙනවා.

ඉදිවෙමින් පවතින විදුලි බලාගාරයකට අයත් කුලුනක 6කින් එක කුලුනක කොටසක් දොඹකරයක් මඟින් ඔසවා සවිකිරීමට යාමේදී එහි කොටසක් මෙලෙස දොඹකරය මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී දොඹකරය ක්‍රියාත්මක කළ පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුළු තුවාල ලබා බේරී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් දොඹකරයට බරපතළ හානි සිදුවුණා.

බලාගාරය ඉදිකෙරෙන ප්‍රදේශය තුළ පුද්ගල වාසස්ථාන නොමැති වීම හේතුවෙන් වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

අනතුරත් සමග විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මෙම මස අවසානයේදී ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?