සුහදශීලී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා,

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් මෙරට රාජ්‍ය ආයතන ගණනාවක් සමඟ කටයුතු කරමින් සිටිනවා. ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රශස්ත සේවාවක් ලබාදෙන්නේ කොහොමද කියන කාරණය මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම කාරක සභාව එක කාරණයකට පමණක් සීමා වී නැහැ. මෙරට රාජ්‍ය ආයතන, දේශපාලන අධිකරිය සහ පාර්ලිමේන්තුව සැලකුවත් යම් මට්ටමකට විවෘතභාවය, වගවීම අඩු බවක් පෙනෙන්නට තිබෙනවා. සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතුයි.

ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් කාරක සභාව සාකච්ඡා කර තිබෙනවා.

අද වන විට සමාජය චෝදනා එල්ල කරන්නේ මහජන නියෝජිතයන්ට පමණයි. නමුත් රට ඉදිරියට ගෙන යෑමේදී ජනතාව රාජ්‍ය ආයතනවලින් ද ප්‍රශස්ත සේවාවක් බලාපොරොත්තු වෙනවා. එම ආයතන මගින් සිදුවිය යුතු සේවාවන් සිදු නොවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට චෝදනා එල්ල කිරීම ප්‍රතිඵලදායක නැහැ. ඊට එහා ගිය වැඩපිළිවෙළක් තුළින් රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් සමීප කරවිය යුතුයි.

තවද මුදල් කොමිෂන් සභාව හරහා පළාත් සභාවලට මුදල් ලබාදීමේදී යම් නියාමනයක් සිදුවිය යුතුයි. ඒ සම්බන්ධව යම් නියාමන ක්‍රමවේද භාවිත කළ යුතු බව කාරක සභාව හරහා නිර්දේශ ලබාදී තිබෙනවා.

එසේම පොලිස් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය නිසියාකාරව සිදු කරනවා ද කියන කාරණය සම්බන්ධවත් සොයා බැලීමක් සිදු කළා. රටේ අපරාධ වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීමටත් අවශ්‍ය පියවර සහ ක්‍රමවේද ගැනත් සාකච්ඡාවට ලක් වුණා.

සියලු පාර්ශවයන්ගේ අදහස් සහිතව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා. මෙහිදී රටේ වගකිව යුතු රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට වගවීමත් අරමුණු කරගෙන කටයුතු කිරීමට සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට මෙම මාර්ගෝපදේශ මාලාව වැදගත් වනු ඇතැයි විශ්වාස කරනවා.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනු ලබන්නේ ජනාධිපති ලේකම් ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විද්වතුන්, ජනතාවගේත් අදහස් ලබාගෙනයි. මේ සමඟ සියලු පාර්ශ්ව තම වගවීම පිළිබඳව අවබෝධයක් ඇතිව වැඩ රාජකාරි සිදුකළ කළ යුතුයි. එසේ නොමැතිව දේශපාලනඥයන්ට පමණක් චෝදනා කළ පමණින් තුළින් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ.

රට ගොඩනැඟීමට නම් යම් යම් උපක්‍රම වගේම, අවංකභාවයකින් වැඩ කිරීමටත් අවශ්‍යයි. එසේ කළහොත් මේ රට හදන්න පුළුවන්. මේ සඳහා මාධ්‍ය ආයතනවල සහායත් අවශ්‍ය කරනවා. මාධ්‍යයත් නිසි වගවීමකින් යුක්තව කටයුතු කළහොත් මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වගේම, රට හොඳ තැනකට ගෙන යෑමට හැකියාව තිබෙනවා.

ඒ වගේම මේ රටේ ආබාධිත පුරවැසියන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීමට යෑමේදී ගැටලු රැසකට මුහුණ දෙනවා. එම ගැටලු මඟහරවා ගැනීමට ආබාධිත අය සඳහා විශේෂිත හැඳුනුම්පතක් ලබාදීමට ද කටයුතු කරනවා.

ඡන්දය භාවිත කළ බවට යොදා ගන්නා තීන්ත ගෙන්වීමට විශාල මුදලක් වැය වෙනවා. මේ වන විට ජාතික හැඳුනුම්පත අනිවාර්යය කර තිබෙන නිසා අක්‍රමිකතා සිදු කරන්න බැහැ. ඒ නිසා මැතිවරණ සඳහා යන වියදම අවම කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ද කාරක සභාව යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23