සුව සැරිය 7 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොමිලේ ගිලන් රථ සේවාව වන 1990 සුව සැරිය ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියත්මක කර අදට (ජූලි 28) වසර හතක් සපිරෙනවා.

සුව සැරිය සේවාව සඳහන් කළේ පුරා වසර හතක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත බේරා ගැනීම සදහා පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ පුරෝගාමීන් වශයෙන් ඇප කැප වී කටයුතු කිරීම ඉමහත් අභිමානයක් බවයි.

එම අභිමානයේ මූලික කොටස්කරුවන් සහ ශක්තිය, අව් වැසි නොබලා පැය විසිහතර පුරා සේවය කරන කාර්ය මණ්ඩලයේ කැපවීම බව ස්තුති පුර්වකව සිහිපත් කරන බවයි සුව සැරිය ගිලන් රථ සේවය සඳහන් කළේ.

මෙම ගිලන්රථ සේවය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම සුවිශේෂී අවස්ථාව මගින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන සුව සැරිය සේවයේ නොසැලෙන කැපවීම පෙන්නුම් කෙරෙන අතර මතුවිය හැකි අභියෝග නොසලකා මෙම අත්‍යවශ්‍ය සේවාව පවත්වාගෙන යාමට සහයෝගයක් ලබාදීමට කැපවීම යළිත් තහවුරු කරන බවයි.

1990 සුව සැරිය සිය වසර හතක ක්‍රියාකාරීත්වය තුළ කැපී පෙනෙන සන්ධිස්ථාන අත්කර ගනිමින් ශ්‍රී ලංකාවේ කාර්යක්‍ෂම රාජ්‍ය සේවය බවට පත්ව තිබෙනවා.

මෙම වසර 7ක කාලය තුළ ඇමතුම් 6,609,357 කට ප්‍රතිචාර දක්වා ඇති අතර හදිසි අවස්ථා 1,581,554ක් සඳහා සේවය ලබාදී තිබෙනවා.

මෙම සේවාව තීරණාත්මක අවස්ථාවන්හිදී අසංඛ්‍යාත පුද්ගලයින් සඳහා ජීවිත ආරක්ෂා කර රැක ගැනීමේ මාර්ගයක් බවටයි ඔප්පු වී ඇත්තේ.

සුව සැරිය සේවය වසර 7ක් සපිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පෞද්ගලික අංශයෙන් ලැබුණු අමිල සහයෝගය වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කරනවා.

එමෙන්ම සුව සැරිය ආරම්භයේ පැවති වෘත්තීය සමිතිවල දැඩි විරෝධය ද ඔහු සිහිපත් කරනවා.

“අද, 1990 සුවසැරිය ජාතියේ ගැලවුම්කරුවා ලෙස උස්ව නැඟී සිටින අතර, එකමුතුකමේ සහ සහයෝගීතාවයේ චිරස්ථායී ආත්මය පිළිබඳ සාක්ෂියකි. විවිධ පුද්ගලයන්ගේ සහ ආයතනවල නොසැලෙන සහය නොවන්නට 1990 සුවසැරිය සාර්ථක කරගත නොහැකි වනු ඇත.”

මෙම සේවාව ස්ථාපිත කිරීමට සහාය වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඊට සම්බන්ධ වූ සැමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රණාමය පුද කරනවා. සේවය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවී සිටින අධ්‍යක්ෂවරුන්, විශේෂයෙන් සුව සැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා සහ වෙහෙස නොබලා කටයුතු කරන කාර්ය මණ්ඩලය ද ඔහු විසින් අගය කර තිබෙනවා.

2016 වසරේ ජුලි 28 වන දින ආරම්භයේ සිට, 1990 සුව සැරිය ආසන්න වශයෙන් රෝගීන් 15,000,000 කට පමණ සහාය වී ඇතැයි සඳහන්.

කොළඹ අවට ප්‍රදේශවලදී ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් විනාඩි 8යි තත්පර 45 කින් සහ කොළඹින් පිටත විනාඩි 14යි තත්පර 29කින් රෝගීන් වෙත ළඟා වෙමින් සුව සැරිය සේවාව එහි සුවිශේෂී කාර්යක්‍ෂමතාවය සම්බන්ධයෙන් කීර්තියක් අත්කර ගෙන තිබෙනවා.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව ජාතියේ යහපත උදෙසා පවත්වාගෙන යාමට සහ වැඩිදියුණු කිරීමට තම කැපවීම යළිත් තහවුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවට නැතිවම බැරි මාර්ගයක් ලෙස එහි අඛණ්ඩ පැවැත්මේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළා.

මෙම සේවාව ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ අමිල සහය සඳහා ඔහු කෘතඥතාව පළ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සහ 1500ක් වූ කාර්ය මණ්ඩලයට සිය හෘදයාංගම ආචාරය පුදකරමින් මෙම අත්‍යවශ්‍ය සේවාව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම සහ නොපසුබට උත්සාහය අගය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48