සුව වෙමින් සිටින මැතිව් කුහ්නමන්ට ශ්‍රී ලංකාවට යාමට අවසර

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ට (Matthew Kuhnemann) ශ්‍රී ලංකාවට යාමට අවසර හිමි ව තිබෙනවා.

ඒ එළඹෙන 29 වැනි දින ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සිය කණ්ඩායම සමග එක් වීමටයි.

පසුගිය සතියේ BBL තරගාවලිය ක්‍රීඩා කරන අතරතුර මැතිව්ගේ දකුණු අතේ මාපටැඟිල්ල ආබාධයකට ලක් වූ අතර එය සැත්කමකින් පසුව සුව අතට පත් වුණා.

ඉන් අනතුරුව ඔහු පුහුණුවීම්වලට එක් වූයේ වෛද්‍ය නිර්දේශය මතයි.

ඒ අනුව මේ වනවිට ප්‍රමාණවත් තරම් සුව වීමක් ඇති හෙයින් මැතිව් හට ශ්‍රී ලංකාව බලා පිටත් ව යාමට අවසර හිමි ව තිබෙනවා.

වමත් දඟ පන්දු යවන්නෙකු වන කුහ්නමන්, ආධුනික ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එක්වීමට ආරාධනා ලැබ සිටින 18 හැවිරිදි වික්ටෝරියානු පිතිකරු ඔලිවර් පීක් සමඟ මේ සති අන්තයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15