සුවිසල් නිවසේ බූරුපොළ වටලයි

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ තාප්පයකින් වට කරන ලද සුවිසල් නිවසක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සූදු පොළේ තිබී රුපියල් 73940ක මුදලක් සහ කාඩ් කුට්ටම ද පොලිස් බාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරියක් අතර නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ මවක් හා දියණියක් ද වන බව සඳහන්.

මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ප්‍රධාන ගේට්ටුව ද වසා ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු ගේට්ටුව අසල රඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් රහසිගතව නිවස පිටුපස තාප්පයෙන් පැන ගොස් මෙම වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් කොටගෙදර, දැල්තර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56