සුවිශේෂි කළමනාකරණ වැඩපිළිවෙලක් තුළ අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප 10 වනදාට පෙර

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම හා සමෘද්ධි දීමනා ගෙවීම අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සුවිශේෂී කළමනාකරණ වැඩපිලිවෙලක් තුළ මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (24) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද සාම්ප්‍රදායිකව සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 10 වන දිනට පෙර ගෙවන රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප හා සමෘද්ධි දීමනාව යනාදිය මෙවර ද ඒ ආකාරයෙන්ම ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ සඳහා රුපියල් බිලියන 140ක් පමණ වැය වන බවත්, ඒ අනුව සුවිශේෂී මූල්‍ය කළමනාකරණයක් තුළ අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමනාකරණය කොට වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40