සුවසැරිය ගිලන් රථ සේවාව අලුත් වෙයි

සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා. මෙම නව යෙදවුම මගින් පෙර ලබාදුන් පහසුකම්වලට අමතරව පහසුකම් රැසක් රෝගීන් රෝහල්ගත කරන තෙක් ලබාගත හැකි වීම විශේෂත්වයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙනුයි නව යෙදවුම හඳුන්වාදීම සිදු කෙරුණේ.

ජනතාවට ලබාදෙන මෙවැනි සෞඛ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී ප්‍රකාශ කළා.

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.

එලෙස ආරම්භ කරන ලද නව සේවාව මගින් රෝහලක් සඳහා යාමට පහසුකම් ලබා ගන්නා රෝගියෙකුට රෝහල වෙත ප්‍රවාහනය කරන කාලය තුල එම රෝගියාගේ තත්වය නවීන ක්‍රමවේදයන්ට අනුකුලව නවීන වෛද්‍ය උපකරණ භාවිතා කර රෝග නිශ්චය කිරීමට ගිලන් රථය හා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ වෛද්‍යවරුන් සමග ඍජුව සම්බන්ධවීමත්, නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා නිරීක්ෂණය කිරීමත්, වෛද්‍යවරයා විසින් ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම හා ඊට අනුගතව රෝගියා ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් සිදු කරනු ලබනවා.

මෙම ගිලන් රථ සේවාව කොළඹ, යාපනය දිස්ත්‍රික්කවල පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද මෙම පහසුකම ලබා දීමට නියමිතයි.

ඉන්දීය රජයෙන් ලද ප්‍රදානයන් වශයෙන් 2016 වර්ෂයේ දී මෙම 1990 සුව සැරිය නොමිලේ ගිලන් රථ සේවාව ආරම්භ කර තිබෙන අතර සතියේ දින හතම පැය 24 පුරාම සේවය සපයන මෙම ගිලන් රථ සේවාවේ 1400 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර ප්‍රවාහන පහසුකම් සඳහා ගිලන් රථ 322ක් භාවිතා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56