සුලෝචනා වේදිකාවට ගෙනා පෙම්වතා නැතිවෙලා

මගේ ගම කෑගල්ල දීවෙල. තාත්තා වරාය අධිකාරියේ රැකියාව කළා. ඔහු කලාකරුවකු නොවුණත් ඔහුගේ ඇගේ කලාව තිබුණා. එක වතාවක් වරාය අධිකාරියෙන් සංවිධානය කළ නාට්‍යයක රඟපාලා හොඳම නළුවා හැටියටත් තේරිලා තිබුණා. අම්මාත් නිසඳැස් කවි ලියනවා. මේ දේවල් එක්ක මගේ ඇගෙත් කලාව තිබුණා.

වේදිකාවට පා තබයි

මම උසස් අධ්‍යාපන කටයුතු කළේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. අධ්‍යයන මාධ්‍ය වුණේ ජනසංනිවේදනය. ලක්‍ෂි චන්දිමා මගේ යෙහෙළියක්. ඇය අධ්‍යයන කටයුතු කළේ නාට්‍ය හා රංගකලාව අංශයේ. 2005 අවුරුද්දේදි ප්‍රායෝගික පරීක්‍ෂණයක් සඳහා ලක්‍ෂි” කෙටි නාට්‍යයක් කරන්න සූදානම් වුණා. නමුත් ඇය තෝරාගෙන තිබුණ ශිල්පිණිය අතරමගදි නාට්‍ය අතහැර යනව. මෙතනදි ඇය ඒ අඩුව පුරවන්න මට කතාකරනව. රංගනය ගැන කිසිම දෙයක් නොදැන සිටිය මට මේ ආරාධනය ලොකු අභියෝගයක් වුණා. කොහොම වුණත් මේ කාලවකවානුව වෙනකොට මම සෝමලතා සුභසිංහ මහත්මියගෙ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වෙලා තිබුණා. නමුත් ඒ රංගනය හදාරන්න නොවෙයි. මොකක්ද මේ වැඩමුළු” මොනවද මේවායෙන් කෙරෙන්නෙ කියන දේ දැනගන්න. කොහොම වුණත් මෙතනදි ඒ අත්දැකීමත් ප්‍රයෝජනවත් වුණා.

සම්මාන

මම කවදාවත් සම්මානයක් වෙනුවෙන් රඟපාලා නැහැ. නමුත් ඒ අගැයීම මට ලැබුණා. ලක්‍ෂි චන්දිමා අධ්‍යක්‍ෂණය කළ ‘පෙම්වතා නැතිවෙලා. කෙටි නාට්‍යය 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව පැවැත්වුණ අන්තර් විශ්වවිද්‍යාල කෙටි නාට්‍ය තරගාවලියට ඉදිරිපත් කරනව. එතැනදි හොඳම සහය නිළියට හිමි සහතිකය මට ලැබෙනව. ඒ වගේම 2012 වසරේදි අසංක සායක්කාර මහත්මා අධ්‍යක්‍ෂණය කළ ‘බබාට නමක්. කෙටි නාට්‍යය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනව. ඒ නාට්‍යයම තවත් නාට්‍ය උළෙල දෙකකට ඉදිරිපත් කිරීමෙන් හොඳම නිළිය සම්මානය මට ලැබෙනව.

ප්‍රසිද්ධ වේදිකාවට

‘පෙම්වතා නැතිවෙලා. නාට්‍යයෙන් පස්සේ මම ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය දෙකකට සම්බන්ධ වෙනවා. එකක් අනුර ඒකනායක මහත්මයාගේ ‘දෙදාස් පන්සීය.. අනෙක් නාට්‍යය වුණේ විජිත් මැදවල මහත්මයාගේ ‘කළු කුහර.. මේ නාට්‍ය දෙකෙන් පස්සෙ මම අධ්‍යාපන කටයුතු නිමවන තුරු වේදිකාවට ගොඩ වුණේ නැහැ. නැවත 2008 වසරේදි සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය පාසලට සම්බන්ධ වීමත් සමග එතුමියගේ ‘විකෘති” තොප්පි වෙළෙන්ඳා” හිම කුමරි. වගේ නාට්‍ය රැසකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා.

හැරවුම් ලක්‍ෂ්‍යය

කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ නිෂ්පාදනයෙන් නාමල් ජයසිංහ සහ ප්‍රසන්න මහගමගේ යන මහත්වරුන්ගේ අධ්‍යක්‍ෂණයෙන් 2009 වසරේදී වේදිකාගත කළ ‘ග්ලැඩියේටර් ප්‍රේමය. මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂය බවට පත්වෙනව. 2012 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුණ මේ නාට්‍යයෙන් පස්සෙ බොහෝ දෙනෙක් මගේ හැකියාවන් හඳුනාගන්නව වගේම අලූත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නත් පටන්ගන්නව.

වෘත්තිය

වෘත්තීයමය රංගන ශිල්පිණියක් වෙනවා කියන අදහස මුල් කාලයේදී මගේ හිතේ තිබුණෙ නැහැ. නමුත් මුල්ම නාට්‍යය සඳහා අගැයීමක් ලැබෙනකොට මට දැනුණා මට මේ දේ කරන්න පුළුවන් කියල. එතනදි මම තීරණය කරනව මේ ක්‍ෂේත්‍රයේ යන්න පුළුවන් උපරිම දුර මම යනව කියල. ඒ සිතුවිල්ලත් එක්ක වැඩකරන අතර සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය සඳහා තෝරාගැනීමෙන් පස්සෙ මම හිතනව වෘත්තීයමය වශයෙන්ම මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරනව කියල.

තාත්තාගේ උපදේශය

උපාධිය සම්පූර්ණ කිරීමෙන් පස්සෙ මේ විදිහට මම වසර හතක් පමණ වේදිකාවේ කටයුතු කරනව. ඔය අතර මගේ තාත්තා දවසක් මට කියනව” පුතේ ඔයාගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න” ඒකට කමක් නැහැ” නමුත් මේ වෘත්තියේ තියෙන අවිනිශ්චිත බව නිසා රැකියාවක් කරන ගමන් මේ කටයුතු කළා නම් වඩාත් හොඳයි කියල. අද මට ඒ වචනවල අගය බොහොම හොඳින් දැනෙනවා. ඒ අනුව 2014 වසරේදී මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරිනියක් හැටියට රැකියාවට බැඳෙනව.

කට්ට කෑම

අපේ කාලයේ අය තුළ තරු වෙන්න අදහසක් තිබුණෙ නැහැ. අපිට උවමනා වුණේ රංගනය හදාරන්න. ඒ වෙනුවෙන් තමයි වේදිකාව තෝරාගත්තෙ. මෙතනදි ශිල්පීන්ට කට්ට කන්න වෙනව. නමුත් ඒක කාලෙන් කාලෙට වෙනස් වගේම එක එක්කෙනාට එක එක විදිහට විග්‍රහ කරන්නත් පුළුවන්. අපි එකම චරිතය මාස ගණනක් පුහුණු වෙනව. අවසානයේ වේදිකාවට එන්නෙ සජීවී රංගනයක්. එතනදි බොහෝ දේ අපි ඉගෙන ගන්නවා. මම මේ කට්ටට කැමතියි. මේ නිසා අද අපිට හරි ශක්තිමත්ව ඉන්න පුළුවන් වෙලා තියෙනව. වේදිකාව වෙනුවෙන් මේ කැප කළ කාලය ගැන කිසිම පසුතැවීමක් නැහැ.

අභියෝගය

මම විශ්වාස කරන දෙයක් තමයි මේ ක්‍ෂේත්‍රයේ කාටවත් තව කෙනෙක්ව කපන්න බැහැ. මොකද දක්‍ෂතාව මතයි තමන්ගේ තැන තීරණය වෙන්නෙ. වෙන කෙනකුට බැහැ මම වෙන්න. ඒ නිසා වෙන කවුරු එක්කවත් නෙමෙයි මගේ තරගය තියෙන්නෙ” මම එක්කමයි. මගේ අභියෝගයත් මම මයි.
 


අලූත් වැඩක්

කොරෝනා නිසා අතරමග නතර කෙරුණ අසංක සායක්කාර මහත්මයාගේ ‘කොටු. වේදිකා නාට්‍යයේ වැඩ නැවතත් ලබන වසරේ ජනවාරි මස සිට ආරම්භ කරනවා. ඒ වගේම හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ අලූත් නාට්‍යයකටත් ආරාධනයක් ලැබී තියෙනවා.
 

මහේෂ් එදිරිසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33