සුරේෂ් සලේ ගැන ගම්මන්පිල මාධ්‍යට කිව්වේ බොරු – පොලිසියෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් අද (06) අද දින මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලැබූ අදහස් දැක්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිඔවෙදංඅය්ක නිකුත් කර තිබෙනවා.

එම ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මෙම සැකකරුට පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකර නොමැති අතර, සාමාන්‍ය සැකකරුවෙක් සම්බන්ධව ක්‍රියා කරන ආකාරයට කටයුතු සිදු කර ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම එම සැකකරුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් ද සිදු කර නොමැති බවත් නිවේදනයේ සඳහන්.

මෙම කරුණු අධිකරණය තුල විවාදයට භාජනය වී ඇති කරුණු බැවින්, අධිකරණයට පරිභාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බවට ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව ඉහත පරිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සිදු කරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08