සුරුපිණිය කොස්තාපල්ට හසුවෙයි

අධික මිල ගණන්‌ යටතේ අන්තර්ජාලයේ දැන්වීම්‌ පළකර ගණිකා වෘත්තියේ නියැළී සිටි සුරූපී කාන්තාවක ඊයේ (02 දා) දහවල්‌ අත්‌අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්ව තිබේ. අත්‌අඩංගුවට පත්ව ඇති කාන්තාව මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි.

පොලිස්‌ කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙසින්‌ යෙදවීමෙන්‌ පසු ඔහුට පානදුර වලාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක්‌ අසලට පැමිණ ඉහළ මිල ගණන්‌ යටතේ පවතින කාමරයක්‌ වෙන්කර ගන්නා ලෙස සැකකාරිය දැනුම්‌ දී තිබේ. ඒ අනුව කාමරය ලබා ගැනීමෙන්‌ පසු උප පොලිස්‌ පරික්ෂක විමංග ගුණවික්‍රම ඇතුළු පොලිස්‌ කණ්ඩායම සැකකාරිය අත්‌අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී නවීන ජංගම දුරකථන 3ක්‌. අධිශක්ති ජනක පානීය බෝතල්‌ 4ක්‌ සොයා ගත්‌ බව ද පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.සැකකාරිය අන්තර්ජාලයේ දැන්වීම්‌ පළ කරමින්‌ තවත්‌ කාන්තාවන්‌ කිහිපදෙනකු සමග එක්ව පැයකට
රුපියල්‌ හත්දාස්‌ 7,500ක්‌ වැනි අධික මුදලක්‌ ප්‍රවාහන පහසුකම්‌ සහිතව අය කරමින්‌ පානදුර සහ වාද්දුව ප්‍රදේශයේ සුපිරි හෝටල්වල ජාවාරමේ නියැළී ඇති බවට තහවුරුව ඇතැයි පැවසෙයි.

සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09