spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරා සැල් විවෘත කරන සහ වැසෙන වේලාවන් වෙනස් වෙයි

දිවයින පුරා පිහිටි සුරා සැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි.

එහි දැක්වෙන්නේ සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන හා වසනු ලබන වේලාවන් දෙසැම්බර් 9 වනදා සිට බලාත්මක වන බවයි.

ඒ අනුව රට බීම තැබෑරුම් බලපත්‍ර ලත් ස්ථාන පෙරවරු 10ට විවෘත කළ යුතු අතර රාත්‍රී 9ට වසා තැබිය යුතුයි.

විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර (ර.බී.04) බලපත්‍ර සහිත ස්ථාන පෙරවරු 8ට විවෘත කර රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට හැකියාව පවතිනවා.

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් බලපත්‍ර (ර.බී. 07) පෙරවරු 10 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට අවසර ලැබී තිබෙනවා.

Liquor Shops1
Liquor Shops2
Liquor Shops3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?