සුරා බද්ද ඉහළ දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවුණා.

ඒ, අනුව 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 03 වැනි වගන්තිය යටතේ නියෝගය හා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා ලැබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීන් 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව පැවසුවා.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූවා.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා නිශ්චිත දත්ත නොමැතිව මෙලෙස දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම ගත් පියවරයන් සාධාරණිකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙම දුම්වැටි වල බදු අදායම් පිළිබඳව සිදුකළ අධ්‍යයනය වලින් පෙන්නුම් කර ඇත්තේ මෙම ගණනය කිරීම් ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු බවත් අදාළ නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බවත් පැවසුවා.

ඒ අනුව මෙම බදු පැනවීම ඔස්සේ රජයට ලාභ ලබෙන ආකාරය පිළිබඳව කරක සභාවට සහතික කිරීම වැදගත් බවත් සභාපතිවරයා අවධාරණය කළා.

එබැවින් මීළඟ කාරක සභාව රැස්වන දිනයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ මෙම 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමය නැවත කාරක සභාව තුළ සලකා බැලීමට සභාපතිවරයා තීරණය කරනු ලැබුවා..

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කරක සභාවේදී සලකා බලා අනුමත කළා.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයන් මෙලෙස බදු වැඩි කිරීම ඔස්සේ පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය සඳහා යොමුවීමට පවතින අවස්ථාව පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.

ඊට පිළිතුරු දුන් නිලධාරීන් එම නීතිවිරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බව පැවසූවා.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% හා අදායම 23% වර්ධනය වී ඇති බව පැවසුවා.

තවද නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11