සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න පසුගිය 17 වනදා සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ පසුගිය 17 වනදා සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමයේ 74 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදුකළ ප්‍රකාශයන්ට මෙලෙස විරෝධය පලකරන බවයි.

අදාළ නිවේදනයෙන් දැක්වෙන්නේ සුරාබදු කොමසාරිස්වරයා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් දූෂිත බවට වූ ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එලෙස 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් දූෂිතනම් දෙපාර්තමේන්තු ආදායම් ඉලක්කය අභිබවා 107%ක් දක්වා එය ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරේ කෙසේද ? යන්න ඔවුන් ප්‍රශ්න කරන සිටිනවා.

එකී කරුණු අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කරන ලද ප්‍රකාශ පදනම් විරහිත හිතළුවක් බවට සහ සුරාබදු නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම සඳහා රාජ්‍ය පාලනය හා බදුකරනය සම්බන්ධ නොදැනුවත්කම මත කරන ලද ප්‍රකාශයක් බවට සිය වෘත්තීය සමිති එකමුතුවේ විධායක සභාව තීරණය කර ඇති බවද අදාල නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් හෙට (21) දිනයේ ඔහුව හමුවී දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර අදාළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමටත් විධායක සභාව තීරණය කළ බව ද එමඟින් දැනුම් දී තිබෙනවා.

එසේ සිදුනොකරන්නේ නම් ඊට එරෙහිව ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් අදාළ නිවේදනය මඟින් දැනුම් දෙනවා.

3 1
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30