සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම්වලින් කාන්තාවන් 4559ක් අත්අඩංගුවට

මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට පසුගිය නොවැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම්වලින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 31342ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අත්අඩංගුවට ගත් එම පිරිස අතරින් 4559ක් කාන්තාවන් වීම විශේෂත්වයක්.

වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මත්පැන් ඇතුලු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවන බව ද දෙපාර්තමේන්තව ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නඩු පවරා රුපියල් මිලියන 118ක දඩයක් පනවා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙම වසර තුලදී මත්පැන් අලෙවියට සුරාබදු බලපත්‍ර ලබා ඇති ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කළ වැරදි සංඛ්‍යාව 3640ක්.

ඊට අමතරව සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල වැරදි සඳහා මේ දක්වා පනවන ලද දඩ ප්‍රමාණය රුපියල් මිලියන 127 ඉක්ම වනවා.

විශේෂත්වය වන්නේ මෙම වැටලීම් අතරින් සැළකිය යුතු ප්‍රමාණයක් මහජනතාව විසින් ඍජුව සහ 1913 දුරකතන අංක ඔස්සේ ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදු කිරීමයි.

බදු නොගෙවූ දුම්වැටි සන්තකයේ තබා ගැනීම, අවුරුදු 21න් පහළ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන විකිණීම මෙන්ම ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම් පානය සම්බන්ධයෙන් ද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 6
2 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30