සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

පසුගිය 12 වනදා සිට බලාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම ගාස්තු සංශෝධනයට අනුව තල් අරක්කු හැර අනෙක් ස්කාගාරවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.

රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව ලක්ෂ 25 දක්වා ඉහළ නංවනු ලැබුවා.

මත්පැන් සඳහා වන වාර්ෂික තොග වෙළඳ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනය අනුව රුපියල් ලක්ෂ 50ක් වී තිබෙනවා.

තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති ගාස්තුව වූ රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුව අය කිරීමට තීරණය කර තිබෙනවා.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා ඇතැයි සඳහන්.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තුව ද මෙම නිවේදනය මගින් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10ක්, කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක්, කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා තිබෙනවා.

මේ අතර, කැසිනෝ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු ද ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එක් එක් කාණ්ඩ යටතේ ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද සංශෝධනය කර තිබෙනවා.

විශේෂයෙන් ආයෝජන අවස්ථා සැලකිල්ලට ගනිමින් කැසිනෝ සූදූ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමට නව ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇති බව සඳහන්.

5
1 1
2 2
3 2
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06