සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

සංචාරක කලාපවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ අන්තර්ගත නිර්නායකයන්ට අනුකූලව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට වග බලාගන්නා බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අද (24) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

සංචාරක කලාප සඳහා නිකුත් කලයුතු මෘදු මත්පැන් බලපත්‍ර ඊට පරිබාහිර ප්‍රදේශයවලට නිකුත් කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේ දී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා සිල්වා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රට බීමහල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව දෙකක් ගොනු කළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් 2022 වසරේ ජුලි මස 28 වනදා නිකුත් කරනු ලැබූ 2290/24 දරණ ගැසට් නිවේදනයේ අන්තර්ගත නිර්නායකයන්ට අනුකූලව අදාළ බලපත්‍ර නිකුත් කිරීමට වගබලා ගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

සුරාබදු රීතීන්ට අනුකූලව එම කාර්යය ඉටු කිරීමට වග උත්තරකරුවන් වග බලාගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ නිර්නායකයන්ට අනුකූලව පමණක් ඒවා නිකුත් කිරීමට පියවර ගන්නා බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අධිකරණයට ලබාදන ප්‍රතිඥාව තදින්ම ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළා.

යම් හෙයකින් මෙම ප්‍රතිඥාව උල්ලංඝනය කරමින් වගඋත්තරකරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළේ නම් යළි ඒ සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීමේ අයිතිය රඳවා ගන්නා බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන සඳහන් කර සිටියා.

එමෙන්ම නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ දී පාසල් හා ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මීටර් සියයේ දුර සීමාව තදින්ම ක්‍රියාවේ යෙදවීමට වගබලා ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ජයවර්ධන සඳහන් කළා.

එසේම මේ යටතේ දැනටමත් මෘදු මත්පැන් බලපත්‍ර 500 ක් පමණ නිකුත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව බව සඳහන් කළා.

දෙපාර්ශවයක් අතර කරුණු සලකා බැලීමකින් අනතුරුව නිකුත් කරනු ලබන අතුරු නියෝග මෝසමක් ඉදිරිපත් කර ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා ක්‍රියාදාමය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එය නරක පූර්වාදර්ශයක් බවත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලබා දුන් ප්‍රතිඥාව සටහන් කරගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56