සුරාබදු ආදායමේ අඩුවීමක් – හේතුව කොවිඩ් ලූ

වැටලීම් අඩාලවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර 34ක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340ක් නොපිරවීමෙන් මෙම වැටලීම් අඩාලවී ඇති බවයි කෝපා කමිටු වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව ආදායම වැඩිකර ගැනීමට අදාළ නීති සංශෝධනය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝපා කමිටුව සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පෙන්වා දී තිබෙනවා.

මේ අතර සැර මත්පැන් නිෂ්පාදනය ද අඩුවීම හේතුවෙන් ඉන් ලද ආදායම 2020 වර්ෂය වනවිට රුපියල් කෝටි 9310 සිට කෝටි 8476ක් දක්වා පහත බැස ඇති බව සඳහන්.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙලෙස ආදායමේ අඩුවීමක් සිදුවූ බවයි සුරාබදු නිලධාරීන් කෝපා කමිටුව හමුවේ පවසා ඇත්තේ.