සුරපුරයක් වගේ තිබුණු ස්විස්ටර්ලන්ත පුරවැසිකම අත්හැරියේ අපරාදේ

තමන් සුරපුරයක් වැනි ස්විට්සර්ලන්තය පුරවැසිකම අතහැර දැමීම අපරාදෙ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.
දැන් ගමට ආ විට පොහොර නෑ, වතුර නෑ කියා ජනතාව බනින බව ද ඇය පැවසීය.

2020 පාරවල් ටික පවා කිරීමට සිමෙන්ති පවා හිගයක් ඇතැයි ද ඇය සඳහන් කළාය.

ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.

දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන මහත්තයාටත් බනිනවා.අන්තිමේදී අපිටත් බනිනවා. ‘2020 පාරවල් ටික කරලා නෑ තවම. මහ විසාල බර මුදලක් හැම ගමටම ලක්ෂ විස්සක පාරක්..හේතුව සිමෙන්ති නෑ.. මං නං අනේ හොඳම කට්ට කාපු එක්කෙනානෙ.

අර ස්විට්සර්ලන්තෙ වගේ සුරපුරයක් වගේ රටේ පුරවැසිකම අතඇරල දැම්මා. ගමට ආවම බැනුම් වතුර නෑ උඹ අපට වතුර දෙන් නැද්ද.. මොනව කරන්නද මම දුවනව හතර වටේ. කාට කියන්නද කාගෙ වරදද කියල දන්නෙ නෑ මම.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ලස්සණට කිව්වා.. කෝ අර චිත්‍රෙ ඇඳපු ළමයි කෝ කියල කිව්වා..අනේ උන් ඇවිල්ල අපේ දෙපතුල ගාව වැඳ වැටිලා රස්සා දෙන්න කියල මොනකරම් ඉල්ලීම් කළාද.. කොහෙන් දෙන්නද. අනේ මගේ ගාමන්ට් ෆැක්ට්‍රීස් වලිනුත් බාගයක් වහලා.. නැත්නම් මං අඩුගානෙ උන්ව ඒවට දාගන්නවා.

දැන් නං හිතෙනවා ඒව ටික කරගත්තනං තව මොකක් හරි කරගන්නව කියලා.. අන්තිමට ඒවත් කරගන්න බැරිවුණා.

දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්.අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව.මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.

දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31