spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරතල් සතුන් හදන අයට මෙන්න නරක පුවතක්…

ශ්‍රී ලංකාවට සාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම ආරම්භ වන්නේ අගෝස්තු මස සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

එසේම ඔහු පවසන්නේ එම නිසා ඉදිරි මාස දෙක ඉතා ප්‍රවේශම් විය යුතු කාලසීමාවක් බවය. එම නිසා මෙම කාලසීමව තුළ අත්‍යාවශ්‍ය ඖෂධ තොග දානපතියන් මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම පවතින ඖෂධ හිඟය හේතුවෙන් නිවෙසන්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“අපි ජනතාවට කියන්න ඕනේ මේ වේලාවේ මේ කාල සීමාව ඉතා පරිස්සම්කාරී ලෙස ජීවත්වෙන්න ඕනේ. අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් බල්ලෝ, පුසෝ වැනි සත්තුන්ව අනවශ්‍ය ලෙස හුරතල් කරන්න ගිහිල්ලා සපාකාලා නැත්නම් හූරගෙන එනවා. මං හිතන්නේ මේ කාල සීමාවේ දී අපි සියලු දේම දැනගෙන මම කියන්නේ ඒවා කරන්න එපා කියලා නෙමෙයි. ඉතාම සුපරික්ෂාකාරීව හැසිරෙනවා නම් ගොඩක් හොඳයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?